ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මහතා පවසනවා.

පාකිස්ථානු සංචාරයට එක් නොවූ කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද මෙල් මහතා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකා පාකිස්තාන 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී අද රාතී‍්‍ර 07.00 ට ආරම්භවීමට නියමිතයි.

LEAVE A REPLY