ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සන්ධානගත වීම සහ ඡන්ද ලකුණ යන කාරණා ජනාධිපතිවරණයේදී එතරම් වැදගත් නොවන අතර එළඹෙන මැතිවරණවලදී ඒ පිළිබඳව සාකච්ඡා කර එකගතාවකට පැමිණිය හැකි බවයි ඒ මහතා කියා සිටියේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා බෙදී යාමේ ප්‍රතිශතය පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි .

ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනාවලින් 51%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය යුතු බවට සිය පක්ෂය තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා ඇති නාම යෝජනා ප්‍රතිශතය 30% ක් බවයි ඒ මහතා පැවසුවේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා පක්ෂ 17ක් ඇති බවත් නාම යෝජනා ලබා දීමේදී ඔවුන් සමගද සාකච්ඡා කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියා

LEAVE A REPLY