ප්‍රසාංගික අත්දැකීම් ඔස්සේ දරුවන්ට දැනුම සහ රසවින්දනය ලබා දෙන වී එෆ්.එම් ඩිජිටල් ඉස්කෝලේ ප්‍රාසංගික සම්මන්ත්‍රණ මාලාවේ මීළඟ අදියර බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා

එම සම්මන්ත්‍රණය ලබන සෙනසුරාදා පෙරවරු 8 ට බදුල්ල හාලිඇල මධ්‍යමහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

නවීන තාක්ෂණය , පුළුල් තිර යොදාගනිමින් පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සඳහා සහන් රන්වල ප්‍රමුඛ පුදුම ඉස්කෝලේ ගුරුවරුන් සහ ශිල්පීන් සහභාගී වනවා.

විෂය නිර්දේශයට අදාළ කරුණු රඟදැක්වීම සහ දර්ශන අනුසාරයෙන් පැහැදිලි කර දීම මෙහි විශේෂත්වයක්

වී එෆ්.එම් ඩිජිටල් ඉස්කෝලේ ප්‍රාසංගික සම්මන්ත්‍රණ මෙහෙයවනු ලබන්නේ ශිෂ්‍යත්වය හරි ලේසියි දේශක දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමා විසින්.

3 , 4 , 5 වසර වල ඉගෙනුම ලබන දරුවන් ඉලක්ක කරගෙන පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා.

0702 107 107 යන දුරකථන අංකයෙන් ඔබට මේ පිලිබඳ වැඩිදුර විස්තර දැනගත හැකියි

LEAVE A REPLY