හබරණ, තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ රසායන ශරීර ගත වීමක් බව හදුනාගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවැසුවේ තමන් විසින් පත් කළ කමිටුව විසින් සිදුකළ විමර්ශනයෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

විෂ ශරීර ගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බව අනාවරණ වී ඇතත්, ඒවා ශරීරගත වී ඇති අකාරයට හෝ එලෙස ශීරීරගත වූ රසායනික මොනවාද යන්න මේ දක්වා අනාවරණ වී නැතැයිද එම කරුණු අනාවරණ කර ගැනීම වෙනුවෙන් තවත් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

රජයේ රස පරීක්ෂකවරයා යටතේ එම විමර්ශනය කි‍්‍රයාත්මක අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් සඳහා එම සිරුරු කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කර ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවැසුවා.

 

 

 

LEAVE A REPLY