ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාවාදුන් බවට චෝදනා නැගීම සාධාරණ නොවන බව එම පජෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම වෙනුවෙන් අද කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයේදී ඔහු මේ බව පැවැසුවා. දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ අද අත්සන් කළ ගිවිසුම් දෙක තුළින් ලක්ෂ 65 ක ජයග‍්‍රාහී ඡුන්ද ඉලක්කය පසු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවස්ථාව උදාවන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ගිවිසුමට අස්සන් තැබු අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ගිවිසුමට අස්සන් තැබුවා. මෙම අවස්ථාවට පක්ෂ දෙක නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයින් රැුසක් සහභාගී වී සිටියා. පෙරවරු 10.45 ට යෙදී තිබූ සුබ නැතකට මෙම අත්සන් තැබීම සිදු කිරීමද විශේෂත්වයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදීමට අදාලය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ කොන්දේසි මාලාවකට අනුවයි මෙම ගිවිසුම සකසා තිබෙන්නේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ මෙම එකගතා තුළින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ යන පක්‍ෂ දෙකේම ආරක්‍ෂාව තහවුරුවන බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංගප්පුරුව බලා පිටත්ව ගියා. වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම වෙනුවෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කළා. ඔහු ලබන 12 වෙනිදා යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY