බියෙන් සැකෙන් තොර ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාව සිය වගකීම උපරිමයෙන් ඉටුකරන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සර උළෙලට එක්වෙමින්. එම සැමරුම අද පැවැත්වුණේ කොළඹ ගාලූ මුවදොර ක‍්‍රිඩාංගණයේදීයී.

1949 ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා යුද හමුදාව අද සිය අභිමානවත් 70 වන සංවත්සරය අභමානවත්ව සැමරුවා. මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසු නිලයන් 7000 ක් වෙත උසස්වීම් ලබාදීමටද පියවර ගෙන තිබූ අතර, ශ‍්‍රි ලංකා යුද හමුදාවේ වසර 70 ක ඉතිහාසය තුළ එක් දිනකදී මෙතරම් උසස්වීම් ගණනක් ලබාදුන් පළමු අවස්ථාවද මෙයයි.

LEAVE A REPLY