ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එම තීරණයේ සිටියද තමන් එම තීරණයට විරුද්ධ බවයි ඒ මහතා ප්‍රකශ කලේ.

වී එෆ්.එම් ප්‍රවෘත්ති සමග දුරකථන සංවාදයකට එක්වෙමින් වෙල්ගම මහතා කියා සිටියේ මෙම තීන්දුව හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී යන බවයි

නමුත් තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඒ මහතා සඳහන් කළා.

මෙම තීන්දුවට ජනාධිපතිවරයා එකඟවීමෙන් සිදුවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති පක්ෂයේ මිනී පෙට්ටියට අවසන් ඇණය ගැසීම පමණක් බවයි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදුජන පෙරමුණ සමග එක්වීමට ගත් තීරණයට විරෝධය පල කරන ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේදී අද පෙරවරුවේ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY