නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධීපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු මංගල රැළිය ගාලූමුවදොර කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණා. ඊට අතිවිශාල ජනකායක් එක්ව සිටි අතර, ගාලූපාරද මුළුමනින්ම අවහිර වුණා. එබැවින් රථවාහන ධාවනය කොල්ලූපිටියට සීමා කිරීමට සිදුවූ බව අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත් සිය මංගල ජන රැුළිය ඇමතූ සජිත් පේ‍්‍රමදාස මහතා ආරම්භයේදීම තමා අතින් සිදු වූ වරදකට සමාව අයැද සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේ රටක පාලනය එක් පවුලකට සීමා කිරීම අනතුරුදායක බවයි. එමෙන්ම තම පාලනය සියල්ල හවුල් කරගත් පාලනයක් බවත්, එහිදී සුදුස්සන්ට සුදුසු තැන හිමිවන බවත් ඔහු සඳහන් කළා. මාතෘභූමියේ මෙතෙක් සිදුනොවුණ බලවත් පරිවර්තනයක් සිදුකරන බවද ඔහු කියා සිටියා. අපේකම් රකින සංවර්ධන යුගයක් බිහි කිරීමට අදාල වැඩපිළිවෙල මේ වන විටත් සම්පාදනය කර අවසන් බවද ඔහු කියා සිටියා.

එමෙන්ම තමන්ගේ නායකත්යෙන් යුතුව බිහි කරන ආණ්ඩුවක රාජ්‍ය ආරක්‍ෂාව විෂය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා වෙත බාර දීමට පියවර ගන්නා බවටද සජිත් පේ‍්‍රමදාස මහතා පොරොන්දු වුණා.

එක්සත් ජාතික පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම ජනරැුළිය ඇමතුවා.

LEAVE A REPLY