දශක තුනකට අධික කාලයක් පුරා ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර ලොතරැයි ව්‍යාපාරයේ පූර්වාදර්ශයන් උපයෝගී කරගනිමින් නව මානයක් කරා ගමන් කිරීම සඳහා අද මූලික අඩිතාලම තැබුවා.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිය නවතම DLB Sweep යෙදවුම (Application) ස්මාර්ට් ජංගම දුරකථන සඳහා හඳූන්වා දෙනු ලැබුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදීයි.

මෙම යෙදවුම මගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සියලුම ලොතරැයි ජයග්‍රහණයන්හි දෛනික නිල ප්‍රතිඵල ඉතාම විශ්වාසවන්ත ලෙස නිවැරදිව දැන ගැනීමේ හැකියාව පවතිනවා.

සිය නවතම ජංගම දුරකථන යෙදවුමෙන් පාරිභෝගික ජනතාවට අත්වන වාසි පිළිබඳ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරනු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා.

Android  සහ Apple IOS මගින් මෙම සේවාව ලබාගත හැකියි.

ඔබේ දුරකථනයටත්  මෙම යෙදවුම (App) ඩවුන්ලෝඩ් කරගන්න – පහත වීඩියෝව නරඹන්න.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY