වෛද්‍යවරුන්ට ලබාදුන් ස්ථානමාරුවීම් සම්බන්ධ ගැටළුවක් මුල් කරගෙන ඔක්තෝබර් 15 වනදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා.

ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී ලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවට චෝදනා කරන එම සංගමය තමන් මේ පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව එම ස්ථානමාරුවීම් අත්හිටුවන ලෙස එම කොමිසම දැනුම් දී ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු බලධාරීන් එය නොසලකා හරිමින් ක්‍රියා කරන බව එම සංගමය සඳහන් කළා.

LEAVE A REPLY