ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ආශ්‍රිතව කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ ගැටුමක් වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

මේ අතර පොලිස් මූලස්ථානය පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ආශ්‍රිතව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ඇල්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් ජංගස සංචාරය හා මාර්ග බාධක ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

මැතිවරණය අවසන් වුවද ඊයේ සිට දින දෙකක් යනතුරු ප්‍රදේශය ආශ්‍රිතව
එම කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY