හදුනා නොගත් පාර්ශව විසින් සමාජ මාධ්‍ය ගිණුම් අත්පත් කර ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවට කරුණු අනාවරණ වී තිබෙනවා. ඒ ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය විසින් සිදුකළ සොයා බැලීමකදීයී.

මෙම වැඩපිළිවෙල දියත් කරන සංවිධානාත්මක කණ්ඩායම් නොහොත් හදුනා නොගත් පාර්ශව විසින් මුලින්ම කිසියම් ෆේස්බුක් ගිණුම් හිමියෙකු වෙත ඔහුගේම ගිණුමට සමාන ආකෘතියක් මැසෙන්ජර් ඔස්සේ යොමු කරන අතර, පසුව අදාල පිරිශීලකයාට එය නිරීක්‍ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි.

එහිදී සිදුවන්නේ සාමාන්‍ය පරිදි ෆේස්බුක් ගිණුමට පිවිසෙන පරිදි පරිශීලක නාමය ලෙස යොදා ගන්නා විද්‍යුත් ලිපිනය හෝ දුරකතන අංකය සහ මුරපදය ඇතුලත් කිරීමට සිදුවීමයි. ඒ ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායම් විවිධ පුද්ගලයින්ගේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට මඟ සලසා ගන්නා බව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු මහතා පැවැසුවා.

අවම ආරක්‍ෂණ ක‍්‍රමවේදයන් රහිත සමාජ මාධ්‍ය ගිණුම් ඉතා පහසුවෙන් මෙලෙස හදුනා නොගත් පාර්ශව අතට පත්වීමේ ප‍්‍රවනතාවක් නිරීක්‍ෂණය වී තිබෙනවා. එබැවින් දෙවන සාධක සත්‍යාපන ආරක්‍ෂණ ක‍්‍රමවේදයක් සිය ඡුංගම දුරකතන අංකය භාවිතයෙන් හෝ ටදදටකැ යෙදුමක් භාවිතයෙන් හෝ සකසා ගැනීමට පියවර ගැනීම ඉතා වැදගත් බවද ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙත දැනුම් දෙනවා.

මෙලෙස ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හදුනා නොගත් කණ්ඩායමක් විසින් අත්පත් කර ගන්නේ ඇයිදැයි කළ විමසීමකදී රජිව් යසිරු පෙන්වා දුන්නේ මෑත කාලීන නිරීක්‍ෂණ අනුව ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් මෙලෙස සමාජ මාධ්‍ය ගිණුම් අත්පත් කර ගන්නා බව පැහැදිලි වී ඇති බවයි.

ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡුා කළ නොහැකි කාරණා හා අසත්‍ය පුවත් ව්‍යාප්ත කිරීමේ අරමුණ සහිතව සංවිධානාත්ම කණ්ඩායම් මෙවැනි කි‍්‍රයාවලියකට අවතීර්ණ වී සිටින බවත්, මෙය සමාජ මාධ්‍යයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතු වී ඇති බරපතල තර්ජනයක් බවද ඔහු පැවැසුවා.

LEAVE A REPLY