අයහපත් කාලගුණ තත්ත්වක් පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කළා. මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුරුමැද හා උතුර යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මන්නාරම හා වව්නියාව යන දිස්ති‍්‍රක්කවලට මිලිමීටර් 100 ඉක්මවන තරමේ තද වැසි අපේක්‍ෂා කළ හැකි බව එම නිවේදනයේ දැක්වුණා. එමෙන්ම පැයට කිලෝමීටර් 80 ක් දක්වා වේගවත් සුළං ඇති වීමේ අවදානමක්ද පවතිනවා.

කාලගුණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් දැනුම් දෙන්නේ තද අකුණු ඇති වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බැවින් වඩාත් ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි.

වතුපිටි,කුඹුරු, කී‍්‍රඩාංගන වැනි විවෘත ස්ථානවල රැුදී නොසිටින ලෙසත්, බයිසිකල්, බෝට්ටු, ට‍්‍රැක්ටර් වැනි විවෘත වාහනවල ගමන් බිමන් යාමෙන් වලකින ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් ජනතාව වෙත දැනුම් දී සිටිනවා.

LEAVE A REPLY