ප්‍රාසාංගික අත්දැකීම් ඔස්සේ දරුවන්ට දැනුම රසවින්දය ලබාදෙන වී එෆ් එම් ඩිජිටල් ඉස්කෝලේ ප්‍රාසාංගික සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී මේ වන විට පැවැත්වෙනවා.

එම සම්මන්ත්‍රණය ආරම්භ වුණේ පෙරවරු 8 ටයි.

නවීන තාක්ෂණය, පුලුල් තිර යොදා ගනිමින් පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සඳහා සහන් රන්වල ප්‍රමුඛ පුදුම ඉස්කෝලේ ගුරුවරුන් සහ ශිල්පීන් සහභාගී වනවා. විෂය නිර්දේශයට අදාළ කරුණු රගදැක්වීම සහ දර්ශන අනුසාරයෙන් පැහැදිලි කරදීම මෙහි විශේෂත්වයක්.

වී එෆ් එම් ඩිජිටල් ඉස්කෝලේ ප්‍රාසාංගික සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ශිෂ්‍යත්වය හරි ලේසියි දේශක දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමා විසින්.

3, 4, 5 වසරවල ඉගෙනුම ලබන දරුවන් ඉලක්ක කරගෙන පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා.

LEAVE A REPLY