ප‍්‍රාසාංගික අත්දැකීම් ඔස්සේ දරුවන්ට දැනුම හා රසවින්දය ලබාදෙන වී එෆ් එම් ඩිජිටල් ඉස්කෝලේ ප‍්‍රාසාංගික සම්මන්ත‍්‍රණ මාලාවේ දෙවන අදියර අද බදුල්ල දිස්ත‍්‍රික්කයේ හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී අද සාර්ථකව පැවැත්වුණා.

පෙරවරු 8 ට ආරම්භ වූ සම්මන්ත‍්‍රණය පස්වරුව දක්වාම කි‍්‍රයාත්මක වූ අතර, සෑම දරුවෙකුම වඩාත් උනන්දුවෙන් යුතුව වී එෆ් එම් ඩිජිටල් ඉස්කෝලේ ප‍්‍රාසාංගික සම්මන්ත‍්‍රණ මාලාව සමග එක්ව ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම්වල නිරතවුණේ ඔවුන්ගේ මව්පියන්ට ද අමුතුම අත්දැකීමක් ලබාදෙමින්.

නවීන තාක්ෂණය හා පුලූල් තිර යොදා ගනිමින් පවත්වනු ලැබූ මෙම සම්මන්ත‍්‍රණය සඳහා සහන් රන්වල ප‍්‍රමුඛ ඩිජිටල් ඉස්කෝලේ ගුරුවරුන් සහ ශිල්පීන් සහභාගී වුණා. විෂය නිර්දේශයට අදාළ කරුණු රගදැක්වීම සහ විවිධ දර්ශන අනුසාරයෙන් පැහැදිලි කරදීම මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ විශේෂත්වයි.

වී එෆ් එම් ඩිජිටල් ඉස්කෝලේ ප‍්‍රාසාංගික සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ ශිෂ්‍යත්වය හරි ලේසියි දේශක දිනේෂ් චන්ද‍්‍රසේන ගුරුතුමා විසින්. 3, 4, 5 වසරවල ඉගෙනුම ලබන දරුවන් ඉලක්ක කරගනිමින් වඩාත් විද්‍යාත්මකව හා දරුවන්ගේ මනසේ සවභාවය අනුව සකස් කර ඇති මෙම වැඩමුළු මාලාව සම්පූර්ණයෙන් නොමිලේ ඔබේ දරුවන් වෙත දායාද කිරීමට වීඑෆ්එම් අපි පියවර ගෙන තිබෙනවා.

 

LEAVE A REPLY