ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය අද ඇඩිලේඞ්හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ටේ්‍රලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සීන් ඇබෝට් කැදවා තිබෙනවා.

ඒ, වැලමිටක ආබාධයකට ලකවීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි වෙනුවටයි.

LEAVE A REPLY