සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධාන කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛණ්ඩව 09 වැනි වරටත් නවතම විශේෂාංග රැසක් සමගින් අද ආරම්භ වුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

අද සිට එළඹෙන 24 වැනිදා දක්වා තෙදිනක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසර 13 ක් පුරා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාමය ලෙස පාරිභෝගික ජනප්‍රසාදය අඛණ්ඩව හිමිකරගත් සිංගර් ශ්‍රීලංකා සමාගම නවතම භාණ්ඩ ගණනාවක් මෙවර ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිඛෙනවා.

මේ, ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා.

LEAVE A REPLY