එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමු දෙකක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඉන් එක් හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ.

මීට අමතරව අද රාත්‍රී 7.30 ට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් හමුවක් පැවැත්වීමට නියමිත වනවා.

මෙම හමුවේදී තම කණ්ඩායමේ බලාපොරොත්තුව පිළිබඳ පැහැදිලි කල පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා.

LEAVE A REPLY