නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද සමත් වී තිඛෙනවා. ඒ, වයස අවුරුදු 17 ත් 23 ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරග වදිමින්.

මේ අතර හංසිකා හේෂානි හෙට්ටිආරච්චි කරාටේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වී තිඛෙනවා. එමෙන්ම එස්. බාල්රාජ් පිරිමි කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා. මීටර් 100 පිරිමි ඉසව්ව සහ කාන්තා ඉසව්වට ද අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY