දුම්රියේ සිගමන් යෙදුණු පුද්ගලයින් 7 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කළ දුම්රිය පරීක්ෂා කිරීමේ දී යාචක කාන්තාවක ඇතුලූ යාචකයින් 7 දෙනා අත්අඩංගුවට ගෙන දැඩිව අවවාද කර පසුව මුදාහැර ඇති බවයි දුම්රිය ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා වී එෆ් එම් ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර අද පෙරවරුවේ වී එෆ් එම් සිද්දමුල්ල වැඩසටහනට දුම්රියේ
ගී ගයන දෘෂ්‍යාබාධිත පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් තමාට අත් වී ඇති ඉරණම පිළිබ`ද සජීවීව දුරකතනයෙන් මෙලෙස අදහස් පළකළා.

කෙසේ වෙතත් අදාළ ගැටලූව පිළිබ`ද වී එෆ් එම් සිද්දමුල්ල වැඩසටහන එම අවස්ථාවේදීම අවධානය යොමු කරමින් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
සී බී රත්නායක මහතා සජීවීව දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින්
ඒ සම්බන්ධයෙන් විමසා සිටියා. මේ එහිදී සී බී රත්නායක දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා පළකළ අදහස්.

LEAVE A REPLY