පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ, දෙදින නිල සංචාරයක් ස`දහායි. ඔවුන් සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු ද මෙම සංචාරයට එක්ව සිටින බවයි ගුවන් තොටුපල වී එෆ් එම් වාර්තාකරු පැවසුවේ.

පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 184 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියා. එම පිරිස පිළිගැනීම ස`දහා ශ්‍රී ලංකාවෙන් පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් ස`දහන් කළේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශයක් කළ පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මෙම සංචාරය විශේෂ සංචාරයක් බවයි. තමන් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීමට පැමිණි බව ද ස`දහන් කළ පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.

LEAVE A REPLY