බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිඛෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. ඒ අනුව තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමේ දී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY