කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැ`දවුම්කරු විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා උපවාසයක් ආරම්භ කර තිඛෙනවා.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී පැහැර ගැනීමට ලක් වූ බව කියන අදාළ නිලධාරිණියට පොලිස් මූලස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින් තමන් මෙලෙස උපවාසයේ නිරත වන බවයි විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා වී එෆ් එම් ප්‍රවෘත්ති කළ විමසිමකදී කියා සිටියේ.

මේ අතර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය පැහැර ගෙන ගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් එම තානාපති කාර්යාලය ලබාදුන් දත්ත සහ අදාළ සිදුවීමට මුහුණදුන් නිලධාරිණියගේ එදින ක්‍රියාකලාපය පරස්පරතාවයකින් යුක්ත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල්, කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුලූ නිලධාරීන් පිරිසක් ඊයේ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා සහ නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානී හමුවී තිඛෙනවා.

එහිදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.

අදාළ නිලධාරිණියගේ ඌබර් වාර්තා, සී සී ටී වී දර්ශන, දුරකතන වාර්තා සහ ජී පී එස් දත්ත ඇසුරෙන් සනාථ ව බවට සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙනවා.

LEAVE A REPLY