නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් ලබාගත් අදාළ කණ්ඩායම් දෙක මෙවර ලෝකඩ පදක්කම ස`දහා තරගවැදීම දක්වා පසුබෑමකට ලක්ව ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කියුබානු වොලිබෝල් පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් සිදුකළ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිිබෝල් කණ්ඩායම් මෙවැනි පසුබෑමකට ලක්වීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු අතරද
දැඩි කතාබහට ලක්ව තිඛෙනවා.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම ස`දහා අද එම තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම බංග්ලාදේශ වොලිබෝල් කණ්ඩායමට එරෙහිව තරගවදින අතර ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම තරගවදින්නේ මාලදිවයින් කාන්තා වොලිබෝල් කණ්ඩායමට එරෙහිවයි.

LEAVE A REPLY