19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබ`ද සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.  එම කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමතුලිතභාවයක් පැවතීම වඩාත් සුදුසු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රවුෆ් හකීම් මන්ත්‍රිවරයා
මෙම අදහස් පළකළා.

මේ අතර තමන්ට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත්19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, ද හින්දු පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

 එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිඛෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ නම්, වඩාත් සුදුසු බවට යෝජනා කර ඇති බවයි ඇතැම් මාධ්‍යවල වාර්තා කර තිබුණේ.

LEAVE A REPLY