උතුරු , නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය අද රාත්‍රියේ සිට තවත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පවුල් 4252කට අයත් පුද්ගලයින් 14468 දෙනෙකු තද වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට නිකුත් කල නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව රත්නපුර , බදුල්ල , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මේ ඉදිරි කාලගුණ තත්වය සහ දිවයිනේ පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා

LEAVE A REPLY