සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂ නායක ධුරය හා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය භාරදිය යුතු බවට සකස් කළ විශේෂ ඉල්ලීමක් සහිත ලිපියක් මේ වන විට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් රංජිත් මද්දුම බන්ඩාර මහතා මගින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බව වාර්තා වනවා.

මෙම විශේෂ ඉල්ලීම ඇතුළත් ලිපිය සදහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් අත්සන් කළ බවයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ.

එළඹෙන බ්‍රහස්පතින්දා පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ප්‍රධානත්වයෙන් සිය මන්ත්‍රී කණ්ඩායම රැස් වන බවද එහිදී තම කණ්ඩායමේ මතය ලිඛිතව පක්‍ෂය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවද වසන්ත අලුවිහාරේ මහතා පවසනවා.

LEAVE A REPLY