රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ගෞරවනීය ලෙස අලුත් පරපුරට එම වගකීම් බාර දී එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ලැබී ඇති තොරතුරු මත රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් අවසන් කරමින් ධූරයෙන් ඉවත් වීමට සුදානම් බවත් , ඒ වෙනුවෙන් එතුමාට සුබ පතන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු අතර මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍යට නිරාවරණය නොවීමද විශේෂත්වයක්.

LEAVE A REPLY