මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බවත්, එවැනි බාධා සිදු ව ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරන බවත් අධ්‍යාපන, තරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

විභාගය සහ රටේ දරුවන් යොදාගනිමින් සිදු කරන එවැනි ප්‍රචාර හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් සිදු කරන්නක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවධාරණය කළා.

LEAVE A REPLY