එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

නායකත්වය හා විපක්‍ෂ නායකධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY