13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව් ලෙස ජූඩෝ සහ බාස්කට්බෝල් ඉසව් අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාග් ක්‍රීඩා උළල ඉතිහාසයේ පළමු වරට බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාවේම ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්.

ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටයි.

තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා විසින් මෙම ඉතිහාසගත රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

මෙම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින්.

මේ වනවිට ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේදී රන් පදක්කම් 22 ක්, රිදී පදක්කම් 39 ක් සහ ලෝකඩ පදක්කම් 63 ක් හිමි කරගෙන පදක්කම් සටහනේ 03 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.

එහි පළමු ස්ථානය ඉන්දියාව හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානයේ රැදී සිටින්නේ සත්කාරක නේපාලයයි.

LEAVE A REPLY