අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිලිබඳ අවධානය යොමුව තිඛෙනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සිදුකළ සමීක්ෂණයකදී අදහස් දක්වමින් මගීන් ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපබෝගී බස්රථ තමන්ගෙන් වැඩි මුදලක් ලබා ගත්තද ඊට සරිලන සේවාවක් ඉටු නොවන බවයි.

එමෙන්ම බස්රථ වල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසා වන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවත් එම නිසා එය පාලනය කිරීම සඳහා වැඩපිලිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සදහන්. ඒ අනුව සුභාවිත ගීත අඩංගු සීගඩී තැටි සෑම පුද්ගලික සහ ලංගම බස් රථයකටම ඉදිරි කාලයේදී ලබා දීමටද ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිඛෙනවා.

මේ අතර කොළඹ නාරාහේන්පිට ඇතුළු දිවයිනේ සියලුම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල අසල ගැවසෙන තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිඛෙනවා.

අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මේ උපදෙස් ලබදී තිඛෙනවා.

LEAVE A REPLY