Sri Lankan batsmen Dimuth Karunaratne, right, and Oshada Fernando run between the wickets during the first-day of the 1st cricket test match between Pakistan and Sri Lanka, in Rawalpindi, Pakistan, Wednesday, Dec. 11, 2019. (AP Photo/Anjum Naveed)

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය පාකිස්තානයේ රාවල්පින්ඩිහී දී පැවැත්වෙනවා.

මේ වනවිට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 88 ක්.

ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු  නොදැවී පිටියේ රැඳී සිටිනවා.

මෙම තරගයේ දී අබිඞ් අලී සහ උස්මාන් ශින්වාරි පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තා.

පාකිස්තානයේ දී ටෙස්ට් තරගයක් අද ආරම්භ වුණේ වසර දහයකට පසුව වීමද විශේෂත්වයක්.

LEAVE A REPLY