අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වෙනසකට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙතෙක් එහි නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රවි සෙනවිරත්න මහතා මේ මස තුළදී විශ්‍රාම යාමට නියමිතයි.

ඉන් අනතුරුව අපක්ෂපාතී සුදුසු නිලධාරියකු එම ධුරයට පත්කෙරෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් රැසක් ද පළිගැනීම්වලට ලක් වී ඇති බවට රජයට පැමිණිලි ලැබී තිබෙනවා.

ගත වූ කාලය තුළ හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අංශවලට එරෙහිව ගොනු වූ නඩු, මහජනතාවගෙන් ලද පැමිණිලි පිළිබඳ එහි නිලධාරීන් ක්‍රියාකර නොමැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY