මෙරට අධ්‍යාපන හා වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය පුලුල් කිරීම සඳහා ජපන් රජය සහය පළ කර තිබෙනවා.

ඒ, ජපාන පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීයි.

මෙම හමුව සිදුව ඇත්තේ අරලියගහ මන්දිරයේදියි.

මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.

එමෙන්ම, ජපාන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY