අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍යල ටෙලිනාට්‍යල රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට ඉමහත් සේවාවක් ඉටු කළ කලාකරුවෙක්.

බෝඩිම, කන්දෙගෙදර, ගම්පෙරළිය, මඩොල්දූව, දූ දරුවෝ, හිරුට මුවාවෙන්, ගජමන් නෝනා, සකිසඳ එලියස් ආදි ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූ ජයලත් මනෝරත්නයන් හොඳම වේදිකා නාට්‍ය නලුවා, හොඳම ටෙලි නාට්‍ය නලුවා මෙන්ම හොඳම චිත්‍රපට නලුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වී තිබීම විශේෂත්වයක්.

මේ අතර ඔහුගේ ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මානද හිමිවුණා.

1948 ජුනි මස 12 වනදා උපත ලැබූ ජයලත් මනෝරත්න මහතා පිළිකා රෝගයකින් පීඩාවිඳ මියයන විට පසුවූයේ හැත්තෑඑක් වන වියේයි.

ජයලත් මනෝරත්නයන්ගේ ප්‍රතිභාව විදහව දක්වන මතකාවර්ජනය
අද රාත්‍රි 7 ට එෆ් එම් 107 න් වී එෆ් එම් ඔස්සේ බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY