පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව වෙත කළ හැකි උපකාරයක් සිදුකිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

යුද්ධ හමුදා තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණය කිරීමේ සහ පුරන් වූ කුඹුරු නැවත අස්වැද්දීම අද පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මංසන්ධියේ සිට යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගයේ එක් පසක පිහිටි අක්කර 12 ක පුරන් වූ කුඹුර යළි අස්වැද්දීම ආරම්භ කළා.

මේ එහිදී අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා.

LEAVE A REPLY