ඔස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහලයාමේ අවදානමක් මතුව ඇති බව නාසා ආයතනය නිවේදනය කරනවා.

ලැව් ගිනිවලින් නිකුත් වූ දුමාරය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන්, සිඩ්නි, කැන්බරා සහ ඇඩ්ලිඩ් යන නගරවල ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවටයි ඔස්ටේ‍්‍රලියා වාර්තා සඳහන් කළේ.

පසුගිය දිනවල පැවති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර නිවාස දෙදහසක් පමණ විනාශ වුණා.

ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ ලොව සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY