හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එකම හිමිකරුවෙකුගේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ
ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුණා.

අනතුරට ලක්වූවන් අතර කුඩා දරුවන් කිහිපදෙනෙකු ද සිටින බව සඳහන්.

මේ වන විට ප්‍රතිකාර සඳහා 8 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

LEAVE A REPLY