පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

අද දහවල් 12 ට පමණ මන්ත්‍රිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය නියෝග කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ දීද රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

LEAVE A REPLY