හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් එම නියෝගය ලබාදුන් බවයි වී එෆ් එම් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.

අදාල විත්තිකරු 2010 වසරේදී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමඟ කිරුලපන ප්‍රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර අදාල චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

LEAVE A REPLY