අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ
ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඞ්පතක් නිකුත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සීනි, තේ, හාල් පිටි, පරිප්පු, කඩල, ලූණු, මිරිස්, කරවල, අල සහ කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මෙමගින් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන්.

එමෙන්ම, දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයින්ට කෘෂිකර්ම ව්‍යාපාර සංවර්ධනය සහ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු
බදු පදනමින් ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY