අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට ඉමහත් සේවාවක් ඉටුකළ කලාකරුවෙක්.

බෝඩිම, කන්දෙගෙදර, ගම්පෙරළිය, මඩොල්දූව, දූ දරුවෝ, හිරුට මුවාවෙන්, ගජමන් නෝනා, සකිසඳ එලියස් ආදි ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූ ජයලත් මනෝරත්නයන් හොඳම වේදිකා නාට්‍ය නලුවා, හොඳම ටෙලි නාට්‍ය නලුවා මෙන්ම හොඳම චිත්‍රපට නලුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වුණා.

1948 ජුනි මස 12 වනදා උපත ලැබූ ජයලත් මනෝරත්න මහතා
පිළිකා රෝගයකින් පීඩාවිඳ මියයන විට පසුවූයේ හැත්තෑඑක් වන වියේයි.

LEAVE A REPLY