රට තුළ ජිවත්වන ආගම් හා සියළු ජාතීන් අතර සහජීවනය උදාකරලීම උද‍සො
සියළුදෙනා එක්විය යුතු බව මන්නාරම රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මන්නාරම දිසාව භාර රඳගුරු පියතුමන් එලෙස පවසා තිබෙනවා.

මන්නාරම දිසාව භාර රඳගුරු පියතුමන්ගේ උපදෙස් පරිදි අද මන්නාරම
දිස්ත්‍රික්කයේ කතෝලික දේවස්ථාන බහුතරයක තෛපොංගල් දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක් පැවැත්වූ බව අප වාර්තාකරු පවසනවා.

මන්නාරම කතෝලික පියතුමන්ලා පැවසූවේ රට තුළ පවතින ආගම් අතර සහජීවනය
උදාකරලීම වෙනුවෙන් එලෙස කතෝලික දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් තෛපොංගල් සැමරුම් වැඩසටහන් පැවැත්වු බවයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ හින්දු ජනතාව හා කතෝලික ජනතාව එක්ව කතෝලික
දේවස්ථාව තුළ මෙන්ම හින්දු දේවාල තුළද අද දින තෛපොංගල් සැමරීම විශේෂත්වයක් වී තිබෙනවා.

LEAVE A REPLY