මැදපෙරදිග පවතින වාතාවරණයත් සමගම ලෝක වෙළෙඳපොළේ ඉහළගොස් ඇති බොර තෙල් මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

LEAVE A REPLY