රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලා
ඔවුන්ට සාධාරණත්වය ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුවේ නායකයින් සමග ඊයේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදීයී.

මෙම අවස්ථාවට එක්වූ වෘත්තීය සමිති නායකයින් පෙන්වා දුන්නේ
පසුගිය රජය සමයේ සිය සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීම, සේවා ස්ථාන මාරු කිරීම, ධුරයෙන් පහළ දැමීම වැනි දේශපාලනික පළිගැනීම්වලට ලක්ව
සිටින බවයි.

කෙසේ වෙතත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවයේ යෙදී සිටියදී කිසියම් වරදක් කිරීම හේතුවෙන් සේවය අත්හිටුවීම වැනි සිදුවීම් දේශපාලන පළිගැනීම් ලෙස නොසලකන බවයි.

එමෙන්ම, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලා ඔවුන්ට සාධාරණත්වය ඉටුකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY