එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වසරේ දක්ෂතම
ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත්වී තිබෙනවා.

අයි සී සී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබෙනවා.

මේ අතර වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම, දක්ෂතම එක්දින ක්‍රීඩකයා ලෙස තේරී පත්ව තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා.

වසරේ දක්ෂතම 20 යි 20 ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ දීපක් චහාර්
තේරී පත්වුණා.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට සම්මාන හිමිවූයේ නැහැ.

LEAVE A REPLY