සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ ක්‍රියාවලියක් සඳහා දායක වන්නැයි මහ නාහිමිවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කළා.

ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙලට පූර්ණ සහය ලබාදෙන බවට විපක්ෂ නායකවරයා ලෙස කළ ප්‍රකාශය අගයමින් උන්වහන්සේලා මෙම ඉල්ලීම සිදුකළේ මහනුවර අස්ගිරිය රජමහා විහාරස්ථානයේදීයි.

විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව මහ නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ප්‍රේමදාස මහතා අද එම විහාරස්ථාන වෙත පැමිණියා.

අස්ගිරි මහා විහාරයේ දී ඒ පිළිබඳ කරුණු දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්.

 

LEAVE A REPLY