අතුරුදන්ව ඇතැයි කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක
රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින්
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මීට ඉහතදී මෙවැනිම පෙත්සමක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ බව පැවසූ චිත්‍රාංගනී විජේවීර වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වසර 30 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම සිද්ධිය පිළිබඳ විභාග කිරීම ද එහිදී ප්‍රතික්ෂේප වූ බවයි.

එම නීතීඥවරයා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ ද ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

LEAVE A REPLY