මහ මැතිවරණයේ දී පොදු සන්ධානයක් යටතේ ඉදිරිපත් වුවද, පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම ඉතා අපහසු හා සංකීර්ණ කටයුත්තක් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුව ලාංඡනය ඒ තරමටම ජනතාවගේ හදවතට සමීප වී ඇති බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේ දී පරාජයට පත්වන අපේක්ෂකයින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් නොකිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

LEAVE A REPLY